gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තහනම් ගහේ ගෙඩි කන්න ඇවිත් ජනේලයෙන් පනින්න ගිය හොර සැමියා හරි සැමියාට කොටුවෙලා

හොර රහසේ නිවෙසකට රිංගූ සැමියෙකු එම නිවසින් පලායාමට ගොස් ජනේලයක සිරවී නියම සැමියාට හසුවීමේ පුවතක් කන්ද උඩරට වතු ආශ්‍රිත ගම්මානයකින් වාර්තාවේ.

සිද්ධිය සැකවින් මෙසේය.

දෙදරු මවක වන ඇය වත්තේ තේ දලු නෙළන වෘත්තියේ නිරත අතර ඔහු දෛනිකව කුලියක්
කිරීමට නගරයට යාම සිරිතක් කොට ගත්තෙකි.


කෙසේ නමුත් ඇය වත්තේ වැඩකරන තවත් තරුණයකු සමඟ ඇතිකරගත් හාදකමක් දුරදිග ගොස් ඇයට ඔහුත් - ඔහුට ඇයත් නොදැක සිටීමට බැරි මට්ටමට පත්වී එය අනියම් ඇසුරක් දක්වා යාමට ගතවී ඇත්තේද ඉතා සුළු කාලයකි.

මේ අතර එක් දිනක් සවස් යාමයේ තම සැමියා හදිස්සියේම නිවෙසට පැමිණෙමින් සිටි මොහොතක, නිවසේ කාමරයක තනිවී සිටි ඔහුටත් ඇයටත් කරකියාගත නොහැකිවීමෙන් ඔහු නිවෙසින් පලා යෑමට උත්සහකර ඇත්තේ එහිවූ කුඩා ජනේලයකිනි.

අවාසනාවකට ඔහු එහි හිරවීමත් සමඟ නිවසේ වූ කලබලය ඉවෙන් මෙන් දැනගත් නියම සැමියා තම හිතේ වූ වේදනාව පහව යනතෙක් ඇයටත් ඔහුටත් ඇතිවනතුරු ගුටි බැටදී දෙදෙනාම නිවසින් පන්නා දමා තම දරු දෙදෙනා තම මාපියන් රැකවරණයේ තබා සමාජයට දායාද කරන බවට පොලිස් පොතේද සඳහන් කිරීමට පියවර ගෙන තිබූ බවද වැඩිදුරටත් වාර්තා වේ.

- lankadeepa

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka