gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මව දුක්විඳ දුවට දුන් බත්පත වෙරළපුරා

ඇය රූමත් නාඹර වියේ තරුණියකි. බැලූ බැල්මට වයස අවුරුදු 16 ක් තරම් වූ ඇය ගම්බද ප්‍රදේශයකින් පැමිණ පංති යන දැරිවියක් යැයි අනුමාන කළ හැකිය.


පොත් බෑගයද කරේ එල්ලාගත් ඇය තරුණයකු සමග දෑත් පටලවාගන රත්ගම මුහුදු තීරයේ ඒ මේ අතට ටික වේලාවක් තාලයකට ගමන්කළේ තොදොල් වෙමිණි.


මෙම තරුණ ගැටවරයාගේ කරෙහිද බෑගයක්
එල්ලෙමින් තිබිණි. ඔහුගේ කොණ්ඩය දිගට වවා පාට කර තිබූ අතර කනේ කරාබුවක් ද දිලිසෙමින් තිබිණි. තැනින් තැන ඉරුණු නවීන විලාසිතා කලිසමකින් සැරසී සිටි ඔහු බැලූ බැල්මට රස්තියාදුවට බර වූ අයෙකු බව පැහැදිලිය.


කෙසේ වුවද දෙදෙනාම වැටකේ පඳුරක පිහිටෙන් පැයක පමණ කාලයක් පෙම් සුව විඳිමින් සිට නැවත ගල් තලාව මතට පැමිණියේ දිවා ආහාරය ගැනීම පිණිසය. ටික වේලාවකින් තරුණියගේ බෑගයෙන් එළියට ගත් පාර්සලයක් ඈතට විසිවූයේ විදුලි වේගයෙනි. අනතුරුව තරුණයාගේ බෑගයේ තිබූ ප්‍රයිඞ් රයිස් පැකට්ටුවේ රස බැලුවේ එකිනෙකාට බත් කටවල් කවා ගනිමින් අමෘතයක රස විඳින්නාක් මෙනි.


මෙහි අරුමය එය නොවේ. මෙම තරුණියගේ පෙම්වතා විසින් විදුලි වේගයෙන් ඈතට විසිකර දැමුවේ තරුණියගේ අසරණ මෑණියන් විසින් උදේ දහඩිය පෙරාගෙන අමාරුවෙන් උයා කෙසෙල් කොළයක ඔතා දුන් බත් පතය. එය යන එන අයට පෑගෙමින් තිබුණද බල්ලන් විසින් රසකරමින් කන අයුරු අවට සිටියවුන්ට දැකගත හැකිවිය.


සිද්ධිය දැනගත් විහාරස්ථානයේ හිමිපාණන් පැවසුවේ තම මෑණියන් ද ඒ ආකාරයෙන්ම විසිකර දැමීම මෙවැනි අයට සුළු කාරණාවක් බවයි.


විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ රංදොඹේ ප්‍රදේශයේදී මේ සිද්ධිය අළලා දරුවන්ට දැනෙන සේ ධර්ම දේශනාවක් ද කළ බව පසුව දැනගන්නට ලැබුණි.

-lankadeepa.lk


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka