gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංගීතයට වහ වැටිලා කෙල්ලො තුන්දෙනෙක් බසයේ හූ කියලා

දහ අට වංගුවට ඈතින් පිහිටි ගම්බද ප්‍රදේශයක සිට මහනුවර හරහා කොළඹ ප්‍රදේශය දක්වා දිනපතා ගමන් ගන්නා පෞද්ගලික බස් රථයකි.

මෙම බස් රථය නියමිත වෙලාවට පැමිධෑම හා ගමනාන්තය දක්වා ගමන් ගැනීම හේතුවෙන් කා අතරත් ජනප්‍රිය බස් රථයක් වූ අතර බොහෝ පිරිසක් ගමන් කිරීම දක්නට ලැබීමත් සුලබ දසුනක් විය. වර්තමානයේ ගමන් ගන්නා බොහොමයක් බස් රථවල මෙන් මෙම පෞද්ගලික බස් රථය ද තිර රෙදි යොදා, ඇතුළත විවිධ වැකි සහිත පුවරු සහ විදුලි බුබුළුවලින් ද ඒකාලෝක වන අයුරින් අලංකාර කර තිබෙනු දක්නට ඇත. එමෙන්ම මෙහි රියදුරු අසුනට ඉහළින් නවීන පන්නයේ රූපවාහිනි යන්ත්‍රයක් සහ ශබ්ද වාහිනි යන්ත්‍ර සවි කර තිබෙන්නේ මගීන්ගේ
ආකර්ශනය දිනා ගැනීම සඳහා ය.

පසුගිය දිනක මෙම බස් රථයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් පවත්වන ලද සංගීත ප්‍රසංගයක වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරමින් තිබූ අතර, බසයේ ගමන් කළ මගීන් බොහෝ දෙනෙකු එයට ආකර්ශනය වෙමින් නරඹමින් සිටිනු දක්නට ලැබිණි.

මෙම සංගීත සංදර්ශනයේ එක්තරා උද්වේගකර අවස්ථාවන්වල, එහි නිවේදන කටයුතු ඉටු කළ නිවේදක මහතා විසින් විවිධ ඉල්ලීම් රසිකයන් වෙත ඉදිරිපත් කිරීම ද සුලබ දසුනකි. එවැනි එක් අවස්ථාවක දී අදාළ නිවේදකයා දෑත් ඉහළට ඔසවමින් “හූ” හඬක් ලබා දෙන්න යයි කීප වතාවක් ප්‍රසංගය නරඹන්නන්ගෙන් ඉල්ලීම් කරනු දක්නට ලැබිණි. එම ඉල්ලීමත් සමගම බස් රථයේ ඉදිරි පස අසුනක සිටි නවීන පන්නයට හැඳගත් තරුණියන් තිදෙනෙකු එක් වරම දෑත් ඔසවමින් “හූ” හඬ කිහිපයක් නැගූ අතර මගීන් සියල්ලගේම නෙත් ඒ දෙසට යොමු වූ අතර, බසය “හූ” හඬත් සමග එකම සිනා සාගරයක ගිලුණි. ඒ සමගම එතෙක් සංගීත සංදර්ශනයට වශී වී සිටි තරුණියන්ගේ නෙත් විවර වූ අතර විළියෙන් ඇඹරෙමින් බිම බලාගෙන ගමන් කරනු දක්නට ලැබිණි.

-lankadeepa.lk


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka