අරලියගහ මන්දිරයේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක්

විදෙස් තානාපතිවරුන් නිල අග‍්‍රාමාත්‍යවරයා ලෙස තවමත් පිළිගන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී. පෙරේරා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී "මේ රටේ වලංගු අගමැතිවරයා ලෙස විදේශීය තානාපතිවරු තවමත් පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාවයි.  එතුමා කිව්වොත් ඔවුන් එනවා...ඔවුන්
කිව්වොත් එන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයට ඇවිල්ලා රාජ්‍යතාන්ත්‍රිකයින් ඔහුව හමු වෙලා සාකච්ඡා කළා.. මට අන්තර්ගතය කියන්න බෑ. රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා නේ..  මේ රට පාලනය කරන්නේ අපි. ජනතා බලය තියෙන්නෙත් අපිට. ඉතින් අපි පාර්ලිමේන්තුවේ අපිට කරන්න පුළුවන් කටයුතු අපි කරනවා." යනුවෙන් සඳහන් කළා.


gossip lanka