gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඹියෝ රචකයා අතුරුදහන් !

පසුගිය වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යක් බවට පත් වූ කූඹියෝ ටෙලි කතා මාලාවේ පිටපත් රචකයෙක් හා සංස්කාරකවරයා ලෙස කටයුතු කළ දමිත චන්ද්‍රසිරි මහතා පසුගිය ඔක්තොම්බර් 24 දින සිට අතුරුදන් වී ඇති බවට වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

දමිත අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අතුරුදහන් බවට පැමිණිල්ල කර ඇත්තේ ඔහුත්
සමග නාවල බෝඩිමක සිටි දමිතගේ මිතුරෙකි.

අතුරුදහන් වීම පිළිබඳව කූඹීයෝ රචක ලක්මාල් ධර්මරත්නද සිය සමාජ ජාල ගිණුමෙන් සටහනක් තබා තිබෙන අතර.

එම සටහනේ ඔහු සඳහන් කර ඇත්තෙ දමිත හුදකලාවේ ජීවත් වීමට ප්‍රය කරන පුද්ගලයෙකු බවයි.

එම සම්පූර්ණ සටහන් පහතින් ....

 හිතවතුනි ,

පසුගිය 24 (ඔක්)දා සිට දමිත සහෝදරයා අතුරුදන් බව සත්‍යයකි. මා විසින් මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් දැමූ අතර මේ පිළිඹද facebook ඔස්සේ දැනුවත් නොකළේ ඔහු නැවත පැමිණියහොත් ඔහු මුහුණ දෙන අපහසුතාව ගැන කල්පනා කිරීමෙනි. නමුත් දැන් එය පොදුවේ ප්‍රවෘත්ති මාධ්‍ය වෙත නිකුත්වී ඇතිනිසා එය සත්‍යයක් බව මෙසේ සනාත කරමි.

දමිතයා facebook හෝ පාවිච්චි නොකළේ, කිසිම මාධ්‍යක පෙනී නොසිටින්නේ පුද්ගලිකත්වය ඌ ඉතා අගයකල බැවිනි. එබැවින් මගෙන් මීට කලකට පෙර දමිතයා ඉල්ලා සිටි පරිදි දිනක ඌ ගියහොත් සොයමින් කරදර නොකරන ලෙසට කළ ඉල්ලීම මගේ සහෝදරයා වූ ඌ වෙනුවෙන් මම හැකිපමණ ඉටුකරමි.
මා facebook පිටුවේ කවරයේ චායාරූපය ලෙස දැමූයේ දමිතයා තම ලැප්ටොප් තිරයේ අන්තිමට දමාගෙන සිටි පිංතූරයයි.

දමිතයා අන්තිම මොහොත දක්වා හැමවිටම ඉල්ලා සිටියේ ඌට නිදහස අත්‍යාවශ්‍ය බවයි. ඉතිං ඌ ඒ නිදහසේ කොහේහෝ ඇතැයි මම විශ්වාස කරමි සහ ඒ නිදහසට මම බාධා නොකරන්නට උත්සාහ කරමි.
මේ සම්බන්දයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වන අතර ඒ වෙනුවෙන් අපගේ උපරිම සහායදෙමින් සිටිමු.

දමිත ,
උඹ කොහේහෝ සිට උඹේ fake එකකින් හෝ කියවනවානම් අඩුම එක මැසේජ් එකකින් අපට උඹ ඉන්න බව කියන මෙන් ඉල්ලන අතර ඉන්න තැන කිසිසේත්ම අවශ්‍ය නැත.

දමිතයාගේ කැමතිම චිත්‍රපටය කවදත් "Into the Wild " ය.
මේ සටහන තබන්නේද දැන් මෙය ප්‍රවෘත්තියක් වී අවසන් නිසාවෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka