gossip lanka

අරලියගහ මන්දිරයේ පිරිතක් කීමත් ලොකු දෙයක්

ඇතිවී තිබෙන සිද්ධිය මුල් කරගෙන අරලියගහ මන්දිරයේ පිරිතක් කීමට හෝ එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීම සතුටට කරුණක් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේය ඊයේ (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහෙත් එක් පැත්තක පිරිත් කියන විට අනික් පැත්තේ මත්පැන් පානය කර බජව් දමන බවද හෙතෙම පවසා සිටියේය.

ගෙවී ගිය වසර තුනක කාලය තුළදී එක්සත් ජාතික පක්ෂයට අරලිය ගහමන්දිරය තුළ පිරිතක් කීමටවත්
නොහැකි වූ බවත්, දැන් කටයුතු කරන ආකාරයට ආණ්ඩු බලය තිබෙන කාලයේ කැපවීමෙන් වැඩ කළා නම් මෙවන් තත්ත්වයක් ඇති නොවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

gossip lanka