gossip lanka

බස් ගාස්තු පහළට

ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුව 2.5% - 4% ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට බස් සංගම් යෝජනා කරමින් තිබේ.

මේ  පිළිබඳ අවසන් තීරණය ගැනීමට බස් සංගම් හා ජාතික ගමනාගමන කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඩීසල් මිල ඉහළ දමන විට විට බස් ගාස්තුව ඉහළ දමනවා සේම ඩීසල් මිල පහළ දමන විට බස් ගාස්තුව පහළ දැමිය යුතු බවද දකුණ පළාත් පෞද්ගලික බස්
හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තුව 3.5%  පහළ දැමිය යුතු බවත් මේ නිසා ආසන්න අගයක් ලෙස 4%කින් බස් ගාස්තුව පහළ දැමිය යුතුව තිබෙන බවද එම සංගමයේ සභාපති චන්දන සොයිසා මහතා සඳහන් කළේය.

එහෙත් මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට සිදු වන්නේ ජාතික ගමනාගමන කොමිසම හා බස් සංගම් අතර පැවැත්වෙන සාකච්ඡාවකදී බවද පවසා සිටියේය.

ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් විය යුතුව තිබෙන බවත් බස් ගාස්තුව අඩුකිරීමේ ප්‍රතිශතය 2.5%ක් බවද සමස්ත ලංකා බස් සංගම් සම්මේලනය සඳහන් කරයි.

මේ පිළිබඳව එළඹෙන 07 වැනිදා අවසන් තිරණය ගන්නා බවද එම සංගමයේ සභාපති අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.


gossip lanka