gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අකිලගේ පන්දු යැවීමත් සැකයිලු

එංගලන්තයට එරෙහිව පසුගියදා ගාල්ලේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණත් දඟපන්දු යවන්නකු වන අකිල ධනංජය පන්දු යැවූ ඉරියව්ව සැක සහිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.ය) පවසයි.

නිල නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී.ය මේ බව ඊයේ (11දා) ප්‍රකාශයට පත්කළ අතර එම ටෙස්ට් තරගයෙන් අනතුරුව තරග තීරකවරුන් විසින් ශ්‍රී
ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වයට භාර දෙන ලද වාර්තාව මඟින්ද අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවද සඳහන්ය.

කෙසේ වෙතත් අකිල ධනංජයගේ පන්දු යැවීමේ නීත්‍යනුකූල භාවය තහවුරු කර ගැනීම වෙනුවෙන් දින 14ක් ඇතුළත ඔහුව පරීක්ෂණයට භාජන කිරීමට නියමිත අතර එම පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත් වන තෙක් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමේ නිරත විය හැකි බවද එම නිවේදනයේ සඳහන්ය. ඒ අනුව පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව අකිලට හිමි වුවහොත් පන්දු යැවීමේ අවස්ථාවද ඔහුට හිමි වෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka