gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෙල්ෆි ගහන්න ගිය ජර්මන් කත ලෝකාන්තයෙන් පහළට

ලෝකාන්තය නැරැඹීමට පැමිණ සිටි සංචාරක ජර්මන් ජාතික කාන්තාවක් ඊයේ (11දා) පෙ.ව. 8.30ට පමණ ලෝකාන්තයෙන් පහළට ඇද වැටී මියගොස් ඇතැයි පට්ටිපොළ පොලිසිය පවසයි.

සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටිය අවස්ථාවේදී ඇය පය ලිස්සා පහළට වැටී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අතුරුදන්ව තිබූ සිරුර සොයා යුද හමුදාව සහ පොලිසිය කළ මෙහෙයුමේදී එදිනම දහවල් බළන්ගොඩ, සමනල වැව පොලිස් බල
ප්‍රදේශයට අයත් නන්පේරියල් තේ වත්තේ තිබී හමු වී ඇත.

එසේ මියගොස් තිබුණේ 35 හැවිරිදි ජූලියා එල්ගා නමැති කාන්තාවකි. ඇය ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේදී හඳුනාගත් තවත් සංචාරක විදේශීය කාන්තාවක් මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඇය සමඟ සිට ඇති අතර ඇයගේ දැනුම් දීමට අනුව වනජීවී නිලධාරීන් හා පොලිසිය ක්‍රියාත්මක වී තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka