gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපෙ නායකයෝ මැතිවරණ කොමිසමට යති

ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද මැතිවරණ කොමිෂන් සභාවට ගියහ.

ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධී භාවය ගැන තම මතය මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළ බවත්, මැතිවරණ කොමිසම ඊට සාවධානව ඇහුම්කන් දුන්
බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.

මෙම මැතිවරණය පැවැත්වීම සම්බ්නධයෙන් මැතිවරණ කොමිසම කුමක් ප්‍රකාශ කළේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී පෙරේරා මහතා කීවේ ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි.

රාතිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්වූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka