හතුරුසිංහ එක්ක බෑ කියා ශ්‍රී ලංකා පිළේ කළමණාකරු ඉල්ලා අස්වෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් එංගලන්ත - ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අතරතුර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත යොමු කළ බවයි ඔහු  කියාසිටියේ.

චරිත් සේනානායකගේ මෙම ඉල්ලා අස්වීමට
පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග හටගත් මතභේදයක් හේතුවී තිබෙනවා.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ගේ පසුබෑම පුහුණුකරු චන්දික හතුරුසිංහ, තමන් වෙත පැටවීමට උත්සාහ දරන බවයි චරිත් සේනානායක මෙහිදී කියාසිටියේ. මේ අතර පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කි‍්‍රයාකලාපය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇති බවද ඔහු සදහන් කළා.

gossip lanka