gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිඳවැටීම ගැන YouTube වෙතින් නිවේදනයක්

ලොව පුරා බිඳවැටීමකට ලක්ව ඇති සිය වෙබ් අඩවිය සම්බන්ධයෙන් YouTube ආයතනය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

සිය නිල Twitter ගිණුම ඔස්සේ ඔවුන් පවසන්නේ මෙම දෝශය නිවැරදි කිරීම සඳහා මේවන විටත් කටයුතු කරමින් පවතින බවයි.

එහෙත් කුමන හේතුවක් නිසා මෙම තත්ත්වය
හටගත්තේ ද යන්න පිළිබඳව ඔවුන් සඳහනක් සිදුකොට නැහැ.

සිදුව ඇති අපහසුතාව සම්බන්ධයෙන් සිය පරිශීලකයින්ගෙන් සමාව අයැද සිටින බව ද YouTube ආයතනය පවසනවා.

ලොව වැඩිම පිරිසක් භාවිත කරන වීඩියෝ ජාලයවන YouTube වෙබ් අඩවිය ලොව පුරා බිඳවැටීමකට ලක්ව ඇත්තේ පැය කිහිපයක සිටයි.

මෙම දෝෂ තත්ත්වයත් සමග එම වෙබ් අඩවිය වෙත ජංගම දුරකතන මෙවලම හරහා ද ඇතුළු වීමට නොහැකි තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙවැනි බිඳවැටීම් කෙටි කාලයට සිදුවීම සාමාන්‍ය දෙයක්වන නමුත් මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් තිස්සේ YouTube අඩවිය අක්‍රීය වීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි තාක්ෂණික වෙබ් අඩවි සඳහන් කරන්නේ.

සමාජ ජාල ඔස්සේ මේවන විට එම වෙබ් අඩවියේ පරිශීලකයින් විශාල පිරිසක් මේ පිළිබඳව අදහස් දක්වමින් සිටිනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka