gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුලතිව් මුහුදේ ඇති ‘ෆාරා’ නැව නැරඹීම තහනම් කරයි

මුලතිව් මුහුදේ දී අතරමං වූ ජෝර්දානයට අයත් “ෆාරා- 3” නෞකාව නැරඹීම ආරක්‌ෂක අංශ විසින් 15 දා සිට තාවකාලිකව තහනම් කොට තිබෙනවා.

මුලතිව් ආරක්‌ෂක නිලධාරීන් පැවසුවේ එම ස්‌ථානයේ පවතින අවදානම් සහගත තත්ත්වයක්‌ හේතුවෙන් තාවකාලිකව මේ පියවර ගත් බවයි.

“ෆාරා – 3” නෞකාව  සහල් තොගයක්‌ රැගෙන යමින් සිටියදී අනතුරකට ලක්‌ව මුලතිව් මුහුද දෙසට
පාවෙමින් තිබියදී 2006 වසරේ දී LTTE සංවිධානය එය සිය භාරයට ගනු ලැබුවා.

එහිදී නෞකාවේ කාර්ය මණ්‌ඩලය ද අත්අඩංගුවට ගත් අතර ජාත්‍යන්තර රතුකුරුස කමිටුව මැදිහත් වීමෙනුයි කාර්ය මණ්‌ඩලය නිදහස්‌ කරගනු ලැබුවේ.

නෞකාවේ තිබුණු හාල් තොගයද LTTE සංවිධානය ඔවුන්ගේ ප්‍රයෝජනයට ගත් අතර පසු කාලයේදී LTTE සංවිධානය ඔවුන්ගේ යුද පුහුණුවීම් කටයුතු සඳහා නැව භාවිත කර ඇති බව සඳහන්.

දිරාපත් වී ගිය නැවේ ඉතිරි කොටස්‌ දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට මෙතෙක්‌ නැරඹීමේ අවස්‌ථාව උදාවී තිබුණ ද පෙරේදා සිට එය නතර කොට තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka