gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලක් මව රනින් බැබලූ යුද හමුදා සෙබලාට වව්නියාවේදී උණුසුම් පිළිගැනීමක්…

පසුගියදා නිමාව දුටු 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ලක් මව වෙනුවෙන් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ‍දිනා දුන් යුද හමුදා කොමාන්ඩෝ බලකා‍යේ කෝප්‍රල් චරිත නිර්මල බුද්ධික ඉන්ද්‍රපාල පිළිගැනීමේ වැඩසටහනක් ඊයේ (17) සවස වවුනියා‍ව නගරයේදී පැවැත්විණ.

වවුනියාව නැවත පදිංචි ගම්මානයක් වන බෝගස්වැව ගම්මානයේ වර්තමානයේ පදිංචිව සිටින චරිත
නිර්මල බුද්ධික ඉන්ද්‍රපාල ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ලක් මව රන් පදක්කමකින් හා ලෝකඩ පදක්කමකින් සරසා සිටියේය.

පිළිගැනීමේ වැඩසටහනට එක්වු චරිත ක්‍රීඩකයා පැවසුවේ, මෙවර ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පැවැත්වුණ 2018 පැරා ආසියානු තරඟාවලියේ මලල ක්‍රීඩා ඉසව් තුනකට තමන් සහභාගි වූ බවයි.

එහිදි මගේ රට වෙනුවෙන් දුර පැනීම ඉසව්වෙන් රන් පදකක්මත්, මීටර 200 දිවීමේ තරඟයෙන් ලෝකඩ පදක්කමත්, උස පැනීමේ ඉසව්වෙන් පස් වන ස්ථානයක් ලබා ගෙන සිංහ ධජය ජකර්තා අහසේ ලෙලවන්න හැකි වූ බටයි.

වවුනියාව නගරයේ සිට චරිත ජිවත්වන බෝගස්වැව ගම්මානය දක්වා රිය පෙරහැරක් පවත්වා චරිත වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් බෝගස්වැව විද්‍යාලයේදී සංවිධානය කොට තිබිණ.

උතුරු පළාත් සභා මන්ත්‍රී ධර්මපාල සෙනවිරත්න මහතා, වවුනියාව දකුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත රාජකරුණ මහතා, වවුනියාව උතුරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  බිමල් ධර්මදාස මහතා හා ප්‍රදේශයේ තරුණයින් පිළිගැනීමේ වැඩසටහන සංවිධානය කොට තිබිණ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka