gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජොන්ස්ටන්ගේ නිදහසට එරෙහිව නීතිපති අභියාචනාධිකරණයට

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ළඟදීම අභියාචනයක් ගොනු කරන බව නීතිපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රිමාන්ඩ් බාරයේ සිටියදී ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨධිකරණය හමුවේ ගොනු කරන තිබෙන
ප්‍රතිශෝධන පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමට කටයුතු කරන බව ඒ මහතා ගේ නීතීඥවරයා පැවසීය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සේවාදායකයා දවස් 33 කට ආසන්න කාලයක් නිරපරාදේ රිමාන්ඩ් බාරයට පත්වූ හෙයින් ඊට සාධාරණ විසදුම් ලබා ගැනීම වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරියට පත්වා ගෙන යන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගේ නීතීඥවරයා වැඩිදුරටත් කීය.

සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට පවරා ඇති නඩුව ඊයේ (17) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ සාක්කි නොකැඳවාම මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය.

ඒ අනුව ජොන්සටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් , සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා මෙසේ නිදහස් කෙරිණි.

වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් අවභාවිත කළැයි මොවුන්ට චොදනා එල්ලවී තිබු අතර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමටද මීට පෙර නඩු විභායේදී අධිකරණයෙන් නියෝග කර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka