gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ චෝදනාවෙන් කතානායකගෙන් පැහැදිලි කිරීමක්

මෙරට තුල වැඩිපුරම ආහාර නාස්ති කරන්නේ පාර්ලිමේන්තුව තුල යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා උත්සව සභාවක් අමතමින් සදහන් කලේය.

ඊට දෙදිනකට පසු එනම් අද කතානායක මාධ්‍ය අංශය
විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවෘත්ති නිවේදනයයි.

පාර්ලිමේන්තුව තුල ආහාරපාන සැපයිමේ දී උපරිම අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව වත්මන් කථානායකතුමන් ස්වකීය ධූරයට පත් වූ විගසින්ම අවධානය යොමු කර අවශ්‍ය පියවර ගනු ලැබිනි.

මෙම පියවර හේතුවෙන් ඒ වනවිට පැවැති වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට ද හැකි විය.

කෙසේ වෙතත්, පසුගිය දිනක ගරු ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවේ ආහාරපාන පිළිබඳව දක්වා ඇති අදහස් සැලකිල්ලට ගෙන යලිත් වරක් පාර්ලිමේන්තුවේ ආහාරපාන සැපයීමේ ක්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයට ලක් කිරීමට ගරු කථානායකතුමන් අදාල නිළධාරීන්ට උපදෙස් දී ඇත.

– කථානායක මාධ්‍ය අංශය

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka