gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් නිලවරණයට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය නිලවරණ කමිටුව පත් කරන්නැයි ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා වන කමල් පද්මසිරි මහතාට නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු නීතිමය පසුබිම සහ ඊට අදාළ පියවර සියල්ල මේ වනවිට සූදානම් කර ඇති බව අනාවරණය වේ.

ඒ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රය මේ
වනවිට නිකුත් කර ඇතැයිද ඒ අනුව තවත් සති කිහිපයක් ඇතුළත මෙහි අවසන් නීති ප්‍රතිපාදන සකස් කර නිලවරණයට සූදානම් වන බවද හෙළිවේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය නිලවරණ කමිටුව පත් කරගැනීමේ විශේෂ මහා සභා රැස්වීම කැඳවන්නැයි නියෝග කළ අතිවිශේෂ ගැසට් පත්‍රයද මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයා සූදානම් කර ඇතැයි අනාවරණය වේ.

නිලවරණ කමිටුව පත්කිරීමේ ගැටලුවක් හේතුවෙන් පසුගිය මැයි මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමුණු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාව නිසි බලධාරියා ලෙස පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පියවර ගත්තේය.

-අද
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka