gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන සීමා කිරීමෙන් වාහන සීමා නොවෙයි !

මුදල් අමාත්‍යංශය විසින් මෝටර් රථ ආනයන සීමා පැනවීමට පෙර තවත් වසරකට පමණ සෑහෙන පරදි මෝටර් රථ ගෙන්වා ඇති බව මහ බැංකු වාර්තාවලින්ම පෙනී යන බව ආර්ථික විශේෂඥයෝ කියති.

සෑම මසක් සඳහාම මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන “විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය”
නිවේදනයෙන් මෙය වඩාත් තහවුරුවන බවද පැවසේ.

එම නිවේදන වලට අනුව 2017 ජුනි මාසයේදී ඩොලර් මිලියන 54 ක වාහන මෙරටට ගෙන්වා ඇති අතර, එය 2018 ජුනි මාසයේදී ඩොලර් මිලියන 146.8ක් දක්වා ඉහල ගොස් ඇතැයි ද පැවසේ.

එයට අමතරව 2017 ජනවාරි සිට ජුනි දක්වා මාස හය තුළදී ඩොලර් මිලියන 370.2 ක වාහන ගෙන්වා තිබේ. එසේම මේ වසරේ මුල් මාස හය තුළ ගෙන්වා ඇති වාහන වල මිල ඩොලර් මිලියන 812.7ක් දක්වා ඉහල ගොස් ඇතැයි එහි දැක්වේ.

ඒ අනුව මෙරට මෝටර් රථ වෙළෙඳ පොළ තුළ වාහන හිඟයක් ඇති නොවනු ඇති බවද ආර්ථික විශේෂඥයෝ කියති.

වාහනවලට පස්සේ වැඩිම වියදම ඉන්ධනවලට

මෝටර් රථ ගෙන්වීමට අමතරව පසුගිය කාලයේදී වැඩිම මුදලක් වැය කර ඇත්තේ ඉන්ධනවලට බවද වාර්තා වේ.

පසුගිය වසරේ (2017) මුල් මාස හය තුළ එය ඩොලර් මිලියන 1,624.5ක් ව පැවත මේ වසරේ මුල් මාස හය තුළ එය ඩොලර් මිලියන 2,093.6 දක්වා ඉහල ගොස් තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka