gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"රනිල්ට අපි ණයත් නෑ - බයත් නෑ" - අනුර (VIDEO)

තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ණයත් නැහැ, බයත් නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 ඒ කොළඹ පැවති ජන හමුවකට එක්වෙමිනි.

 එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

 “මම දැක්කා බොහොම අය මේ රනිල් වික්‍රමසිංහ
බලයට කැඳවීම සඳහා දක්වන උත්සහයක් කියලා. මොකද රනිල්ට බලය අරන් දෙන්න තියෙන අපිට වුවමනාව? මතක තබා ගන්න රනිල් වික්‍රමසිංහට අපි ණයත් නැහැ, බයත් නැති බව. දැන් තිබෙන ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට යළි අපේ රටේ ජනාධිපති වෙන්න බැහැ. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය නායකත්වයක් නැති, ආණ්ඩු නායකත්වයක් නැති, අගමැති වෙන්න පුළුවන් ද කියලා සැකයක් තියෙනවා මේ ව්‍යවස්ථාව අනුව මහින්දට. ඇයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයේ යම් පුරප්පාඩුවක් ඇති වුණොත් වැඩ බලන ජනාධිපති හැටියට පත් වෙනවා අගමැති. එහෙනම් ඕනෑම නිමේෂයක අගමැතිවරයා ජනාධිපති වීමේ හැකියාව තිබෙනවා. එහෙනම් අගමැති වෙන්න ඕනේ ජනාධිපති වෙන්න පුළුවන් කෙනෙක් විතරයි. ඒක නීති තර්කයක්. ඒ අනුව මහින්ද රාජපක්ෂට රාජ්‍ය නායකයා වෙන්නත් බැහැ. ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. සමහර විට අගමැති වෙන්නත් බැහැ. හැබැයි ඒ 20 වැනි සංශෝධනයෙන්. රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා. හැබැයි දෙපාරක් ජනාධිපති ධූරය දරපු කෙනෙක්ට අගමැති වීමේ හැකියාවක් තියෙනවා ජනතාව ජන්දය දෙනවා නම් ආණ්ඩු නායකයා වීමේ හැකියාව තියෙනවා. ඇත්තම මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පුද්ගලයෙක් ලෙස ගත්තොත් වැඩිම වාසි අත්පත් වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂට. කවුරු හරි කිව්වොත් මේක මහින්දගේ ගේමක් කියලා පොඩි සාධාරණයක් තියෙනවා.”

එම වීඩියෝව පහතින්,

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka