gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක් මාරක රිය අනතුරකින් රුපියල් ලක්ෂ 10ක් වතුරේ

ශ්‍රී ලංකාවේ    සිදුවන එක් මාරක රිය අනතුරක් වෙනුවෙන් රජයට රුපියල් මිලියනයක මුදලක් වැය වන  බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා    පැවසීය.

මාරක රිය අනතුරේ පරීක්ෂණ සඳහා   යන පොලිස් නිලධාරීන්ට, මහේස්ත‍්‍රාත්වරයාට, අධිකරණය වෛද්‍යවරයාට සහ අධිකරණ කටයුත්තු වෙනුවෙන් මෙම   මුදල වැය වන බවද හෙතෙම කියා සිටියේය.

 ශ්‍රී ලංකාව පුරා දිනකට මාරක රියඅනතුරු අටක් පමණ සිදුවන බවත් මෙම මාරක අනතුරු හේතුවෙන්
වසරකට ජනතාවගේ මුදල් කෝටි   ගණන්  වියදම් වන බවත්  අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මාරක රිය අනතුරු වලට අමතරව දිනකට රටතුළ  රිය අනතුරු  100- 105 අතර ප‍්‍රමානයක් සිදුවන බවද  හෙතෙම කියා සිටියේය.

මාර්ග ආරක්ෂාව සහ රිය අනතුරු අවම කිරීම පොලිසියට තනිවම  සිදුකළ නොහැකි කි‍්‍රයාවක් බවත්  ජනතාවගේ සහය    මේ සඳහා අවශ්‍ය බවත් හෙතෙම කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ  රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය  අමාත්‍යාංශයේ    පැවති  මාධ්‍ය හමුවකදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka