gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිසිදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු තරඟ පාවාදී නෑ - තිලංග සුමතිපාල

පසුගිය වසර 10ක කාලය තුළ කිසිදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු තරඟ පාවාදී නොමැති බවට තමන් වගකීමෙන් ප‍්‍රකාශ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා ඊයේ(04) කොළඹදී පැවැසීය.

දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමේ මුවාවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ  රටේ ගෞරවය පිළිබඳ තැකීමකින් තොරව ක‍්‍රිකට් ක‍්‍රීඩාව  දූෂිතයි කියා ක‍්‍රිඩා අමාත්‍යවරයා සිදු කළ ප‍්‍රකාශය හෙලා දකින බවද  සුමතිපාල මහතා සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 යේ කණ්ඩායම පුංචි බොරැල්ල
තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවත් වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා මෙසේද කිය.

    ‘‘ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දූෂිත බව පිලිබඳ  ෆයිසර් මුස්තාෆා මහතා ප‍්‍රකාශ කරලා තියෙනවා.  අපේ ක‍්‍ර‍්‍රිකට් ක‍්‍රීඩකයින් කිසි කෙනෙක් ගිය අවුරුදු  10 දී කිසිම තරඟයක්  පවා දුන්නෙ නැහැ කියලා මම වගකීමෙන් කියනවා. අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ හෝ ලංකාවේ  ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් එහෙම වාර්තා වෙලා හෝ සාක්ෂියක් හෝ ලැබිලා නැහැ.

රුපියල් බිලියන 04ක ණයක්  තිබුණ ක‍්‍රිකට් පාලක මණ්ඩලයක් අපි භාර ගත්තේ. අපි  බිලියන 2.5ක තැන්පතුවක් තියලා තියෙනවා. එහෙම තිබුණ  ආයතනයක් සහ ක‍්‍රීඩකයින් ෆයිසර් මුස්තාෆා මහතා උස්සලා පොලවේ ගහනවා.

අල්ජසීරා ආයතනය අපිට දිගින් දිගටම  පාවාදිම් ගැන චෝදනා කළා. එම  වීඩියෝ ඔවුන් අයි. සී. සී එකට දුන්නේ නැහැ. ඔවුන් යුද්ධය ගැන අල්ලගෙන 2012 දි අපේ රටටත් මේ වගේ පහර දුන්නා.

අපේ ක‍්‍රීඩකයන් ගැන හිතන්නේ නැතුව රටේ ගෞරවය ගැන හිතන්නේ නැතුව ක‍්‍රිඩාව දූෂිතයි කියලා ක‍්‍රීඩා ඇමතිතුමා කියනවා. දේශපාලන අවශ්‍යතා ඉටු කර ගන්න මේ කරන කැත වැඩ අපි හෙලා දකිනවා’’ යැයිද ඔහු පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka