gossip lanka

කම්කරු වැටුප් වැඩි නොකළොත් අය වැය අකුලණවා - තොණ්ඩමන්

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1200 දක්වා වැඩි නොකළ හොත් ඇය වැයෙදී දමිළ දේශපාලන පක්ෂවල සහයෝගය රජයට ලබා නොදීමට තිරණයක් ගන්නා බව තොන්ඩමණ් වතු හාම් පුතුන්ට අවධාරණය කරයි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර තවත් සාකච්ඡාවන් ඊයේ (09) රාජගිරිය
පිහිටි වතු හාම්පුතුන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යයාලයේදී පැවැත් වූ බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එස්. අරුල් මහතා පවසයි.

වතුකම්කරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ, වතු හාම්පුතුන්ගේ සංගමය දැනට වතු කම්කරුවෙකුට ගෙවන දෛනික මුලික සියලුම දීමනා සමග 15% කින් පඩි වැඩි කිරීමට හැකි බවයි.

වතු එකාබද්ධ වෘත්තිය සමිති නියෝජනය කරමින් එම සාකච්ඡාවට සහභාගි වූ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගන් තොණ්ඩමන් මහතා වතු හාම්පුතුන්ගේ සංගමයට යෝජනා කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ මුලික පඩිය රු 1000 දක්වා වැඩි කළ යුතු බවය.

එවැනි මුලික වැටපක් ලබාදීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත පැවසිමෙන් පසු ආරුමුගන් තොණ්ඩමන් මහතා වතු හාම්පුතුන්ගේ සංගමයට අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1000 දක්වා වැඩි නොකළ හොත් වතු කම්කරුගේ මුලික වැටුප රු 1200 දක්වා වැඩි කරන ලෙස රජයට බලකරන බවයි.

රජය එම යෝජනාවට එකඟ නොවන්නේ නම් වතුකරය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ, විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ, උතුරු නැගෙනහිර මන්ත්‍රිවරුන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබාගෙන ඉදිරි අයවැයේදි රජයට සහයෝගය ලබා නොදීමට තිරණය කරන බවයි.

එ අනුව එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වි ඇති අතර යළිත් වැටුප් වැඩි කිරීම පිළිබඳව සාකච්ඡාව ලබන 12 වැනිදා පැවැත්වීමට දෙපාර්ශවය එකඟවී ඇත.

මෙම සාකච්ඡාවට වතු හාම්පුතුන්ගේ සංගමය නියෝජනය කරමින් එම සංගමයේ සභාපති රෝෂාන් රාජදොරෙයි මහතා ඇතුළු වතු සමාගම් 23 ක ප්‍රධාන විධායක නිලධාරින් සහභාගි වී ඇත.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්


gossip lanka