gossip lanka

රොනී ලිච්ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

පසුවරුවේ පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

පසුගිය පළමුවන දින ඔස්ට්රේ ලියාවේ පර්ත් නුවරදී හදීසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට 65 වන වියේ පසුවූ රොනී ලීච් මහතාගේ දේහය ඊයේ(10) දහවල් දිවයිනට රැගෙන ආ අතර මේ වන විට දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

අද පස්වරු 2.00 දක්වා රොනී ලීච් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා එම ස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇති.
gossip lanka