gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රභාකරන්ගේ පුද්ගලික වෛද්‍ය කනකසුන්දරම් මිය යයි

හිටපු එල්.ටී.ටී.ඊ.නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ඔහුගේ පවුලේ උදවියට හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බොහෝ පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් කනකසුන්දරම් මයිලේරුම්පෙරුමාල් වෛද්‍යවරයා  09දා
යාපනයේ වැල්වෙටිතුරෙයි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස්‌ තිබේ.

1997 සිට 2013 දක්‌වා කාලය තුළ ඔහු කිළිනොච්චියේ සේවය කොට ඇති අතර ඊට පෙර යාපනයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට තිබේ. ප්‍රභාකරන්ගේ උපන්ගම වූ වැල්වෙටිතුරේ ගම්මානය මේ වෛද්‍යවරයාගේ ද උපන් ගම වන අතර ප්‍රභාකරන්ගේ පවුලේ උදවිය සමග මොහු ඉතා සමීප වෛද්‍යවරයෙකු වීම නිසා ඔහුගේ සේවය එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී නායකයා විසින් ද ලබාගෙන තිබේ.

වරක්‌ ප්‍රභාකරන් විසින් රාජකීය වෛද්‍යවරයා වශයෙන් මොහුව හඳුන්වා මොහුට පදක්‌කම් පිරිනැමීමක්‌ ද සිදු කොට තිබේ.

මියගිය වෛද්‍යවරයාගේ දේහයට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් යන අය ද අවසන් ගෞරව දක්‌වා තිබේ.

-දිනසේන රතුගමගේ-
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka