gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විස්සට ශ්‍රීලනිපය විරුද්ධ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා නොදෙන බව ශ්‍රීලනිපයේ ප්‍රබල ඇමතිවරයෙක් පැවසීය.

ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව විසිවන සංශෝධනය පිළිබඳව සලකා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇතත් එම කමිටුව විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට ශ්‍රීලනීපය එකඟ නැතැයි ප්‍රකාශ කරනු ඇති බවත්, එම අදහස සමග
ශ්‍රීලනීපයේ නායකයන් මේ වන විට එකඟවී ඇති බවත් එම ඇමතිවරයා කීය.

මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මෙහෙයුම් කමිටුවට ශ්‍රීලනිපය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය හරහාද විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට එකඟ නැතැයි ප්‍රකාශ කර තිබුණු බව එම ඇමතිවරයා පෙන්වා දුන්නේය.

පළාත්සභා ක්‍රමය පවතින්නේ නම් සෘජු ඡන්දයෙන් බලයට පත්වෙන විධායක ජනාධිපතිවරයකු සිටිය යුතු බව ශ්‍රීලනීපයේ අදහස බව ඔහු වැඩිදුරටත් කීවේය.


(අනිද්දා)




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka