gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අකිල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් කඩලා ?

අධ්‍යාපන අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක්ද උල්ලංඝණය කරමින් පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට චක්‍රලේඛ නිකුත් කර ඇති බවට ගුරු සංගම් චෝදනා කර සිටී.

වසර 2011 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළමු වසරේ පංතියක සිටිය යුතු ළමුන් ගණන 35 කට අඩුකරන ලෙස නියෝග කර තිබූ බවත්, 2016 දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටියේ 2016 සිට
එක් ළමයා බැගින් අඩු කරමින් ගොස් 2021 වන විට පංතියක සිටින ළමුන් ගණන 35කට අඩු කිරීමට කටයුතු කරන ලෙසයි.

කෙසේවුවද, මෙය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභිබවා යාමක් වුවද, අදාළ තත්ත්වය සාධාරණීයකරණය කිරීමට පළමු වසරේ පංති ප්‍රමාණය වැඩි කරමින් අදාළ චක්‍රලේකය ක්‍රියාත්මක කර ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ පංති ගණන වැඩි කළ බවට කියා සිටියද ඇත්තටම සිදුව ඇත්තේ තවත් ළමුන්ගේ නාම ලේඛණයක් පමණක් වැඩිවීම පමණක් බවයි.

එසේම තම සංගමය මේ කාරණාව බස්නාහිර හා මධ්‍යම පළාත්වලදී ඔප්පුකර පෙන්වා ඇති බවද ඔහු කියා සිටියේය.

මේ අතර, අධ්‍යාපන කේෂත්‍රයේ ඉහල නිලයක් දරණු ලබන අයෙක් තමා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන කාන්තාවකගේ දරුවකු කොළඹ ප්‍රධාන පාලසකට ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ආන්දෝලනයක් ඇතිව තිබේ.

ඉහත කී කරණු කාරණා පිළිබඳව විමසීම සඳහා අප අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සම්බන්ධ කරගැනීමට ගත් උත්සහයේදී එතුමාගේ ආරක්ෂක අංශ දන්වා සිටියේ අමාත්‍යවරයා විදෙස්ගතව සිටින බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka