gossip lanka

හිටපු නීතිපති ශිබ්ලි අභාවප්‍රාප්ත වෙයි !

හිටපු නීතිපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවිය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

ජනාධිපති කොමිෂන් සභා රැසක සාමාජිකයෙකු
ලෙස සේවය කර ඇති ශිබ්ලි අසීස් මහතා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ද විය.

අසීස් මහතාගේ දේහය මේ වනවිට රාජගිරියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ජාවත්තේදී සිදු කිරීමට නියමිතයි.

gossip lanka