gossip lanka

කිරිපැකට් වල රස පරීක්ෂක වාර්තාව අපි පිළිගන්නේ නෑ

ජන බලය කොළඹට විරෝධතාව අතරතුර බෙදාදී තිබු කිරිපැකට් වල විස මුසු වී නැතැ බවට රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇතැයි ප්‍රකාශ වුවද ඉදිරිපත් වන පරස්පර විරෝධී ප්‍රකාශ නිසා එය පිළිගත නොහැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

කොළඹදී ඊයේ (09) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනබලය කොළඹට උද්ඝෝෂණයට ලබාදුන් කිරි
පැකට්වලට කිසිදු විසක් මුසු කර නොතිබූ බවට රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබේන නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.


gossip lanka