gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටිකාවත්ත සණස සභාපති ඇතුළු 22කට නොතීසි !

කොටිකාවත්ත සණස සමිතියේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් අවභාවිතාවන් සහ වංචාවන් නිසා රුපියල් කෝටි 23 කට අධික පාඩුවක් සිදු කිරීමට සම්බන්ධයෙන් සාමාජිකයන් පිරිසක් විසින් පවරන ද නඩුවේ වගඋත්තරකරුවන් ට නොතීසි නිකුත් කිරීමට බස්නාහිර පළාත්බද ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා විසින් නියෝග කරන ලදී.

පසුගිය (2018) ඔක්තෝබර් 03 වැනිදා පවරන ලද එම
නඩුව ඔක්තෝබර් 10 වැනිදා එහි සදහන් කරුණු තහවුරු කිරීමට මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැදවන ලද අවස්ථාවේ දී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආර්.කේ. ජයලත් මහතාගේ උපදෙස් මත ජ්‍යෂ්ඨ නීතිඥ සෙනානි දයාරත්න මහතා සමග නීතිඥ නිසල් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වනු ලැබිණි.

එහිදී අධිකරණය මෙම නඩුව මුල් අවස්ථාවේදීම නොතීසි නිකුත් කළ යුතු නඩුවක් බවට සෑහීමට පත්ව එහි සියළුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කරන ලදී.

ඒ අනුව මෙම නඩුව එකී නොතිසියේ සදහන් දිනයේ දී එහි නම් සදහන් වගඋත්තරකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිට පෙත්සම්කරුවන්ගේ පෙත්සම මගින් ඉල්ලා ඇති සහනයන් සදහා වන නියෝග නිකුත් නොකිරීමට යම් කිසි හේතු ඇතොත් ඒවා ඉදිරිපත් කරන ලෙස එම වගඋත්තරකාර සමිතියේ සභාපති සරත් විදානපතිරණ ඇතුළු වගඋත්තරකරුවන් 22 දෙදෙනෙකු වෙත නියෝග කර ඇත.

මෙම පෙත්සම මගින් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ආයාචනා කර ඇත්තේ සමිතියට කෝටි 23 ක් පාඩු කරන ලද සභාපතිවරයාගේ ධුරය තහනම් කරන ලෙසත්, විගණන වාර්තාවේ සදහන් කර ඇති අක්‍රමිකතා නිසා සමිතියට චේතනාන්විතවම සිදු කර ඇති පාඩු ඊට වගකිව යුත්තන්ගෙන් අයකර ගැනීම සදහා අධිභාර කරන ලෙසත් ය.

මෙම නඩුව සදහා පෙත්සම්කරුවන් විසින් 2015 විගණන වාර්තාව ද ඇතුළු සාක්ෂි ලේඛන 11 ක් පෙත්සම සමග ඉදිරිපත් කර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka