gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යකඩ යකාගේ අලි ගැටීම නවතන්න විසඳුම් පහක්

පසුගිය දිනවල අකණ්ඩව අලි ඇතුන් දුම්රියේ ගැටීම එම සතුන් විශාල ප්‍රමාණයක් මිය ගිය බැවින් එම විපත් වැළැක්වීමට දුම්රිය මාර්ගය දෙපස කඳුගැට සහිත ස්ථානවල අලි ඇතුන්ට මාරුවීම සඳහා උඩින් මාර්ග ඉදිකිරීම ඇතුළු නිර්දේශ පහක් දුම්රිය මාර්ගයේ අලි ඇතුන් ගැටීම වැළැක්වීම සඳහා පත්කළ නිරීක්‍ෂණ කණ්ඩායම විසින් රජයට යෝජනා කර ඇත.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල
ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම නිරීක්‍ෂණ කණ්ඩායම පත්කෙරිණි. මෙම නිරීක්‍ෂණ කණ්ඩායමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුළත්ය.

එම නිලධාරීන් පසුගිය දිනවල මහව හන්දියේ සිට ත‍්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තාලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන දුම්රිය මාර්ගවල අදාළ නිරීක්‍ෂණ කටයුකු කර ඇති අතර උතුර- නැගෙනහිර මාර්ගවල අලින්ගේ හැසිරීම් පිළිබඳව දත්ත හා තොරතුරු ලබාගෙන ඇත.

ඒ අනුව ඉහත නිර්දේශයන්ට අමතරව දුම්රිය රියදුරන්ට මාර්ගය පැහැදිලිව පෙනීම සඳහා මඟ දෙපස මීටර් 30 ක් දක්වා වූ ලඳු කැලෑ එළිකිරීම, දක්වා ඇති වේග සීමා නියමිත පරිදිම ක‍්‍රියාත්මක කිරීම, දුම්රිය පාලම් සහ බෝක්කු සහිත කලින් අලි ඇතුන්ට මාරුවීම සඳහා ඇති බාධා ඉවත් කර මාර්ග ඉදිකිරීම, දුම්රිය මාර්ගයට අලි ඇතුන් ඇතුළුවන ස්ථාන සඳහා විදුලි වැට, රේල්පීලි යොදා බාධා යෙදීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති සවිකිරීම ද යෝජනා කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka