gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සහල් මිල රු.10කින් පහළට

දේශීය සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩුකිරීමට වී මෝල් හිමියන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟතාව පළකර ඇත.  මෙරට සිටින සියලුම වී මෝල් හිමියන් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී වීමෝල් හිමියන් මෙලෙස එකඟතාවය පළකර ඇත.

දේශීය සහල් මිල සඳහා පාලන මිලක් හඳුන්වාදීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පවත්වා තිබේ. වර්තමානයේ දේශීය සහල් මිල අධික බැවින් කිසියම්
සහනයක් පාරිභෝගික ජනතාව වෙත ලබාදිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහල් ව්‍යාපාරිකයන් වෙත පවසා තිබේ.  ඒ අනුව එම ඉල්ලීමට එකඟ වී ඇති එම ව්‍යාපාරිකයන් දේශීය සහල් මිල රුපියල් 10කින් අඩුකිරීමටත් ඒ අනුව නව මිල සහල් ඇසුරුම් කවරවල සඳහන් කිරීමටත් එම ව්‍යාපාරිකයන් එකඟතාව පළකර තිබේ.

මේ අතර ඉදිරියේදී කිසිදු සහල් හිඟයකින් තොරව දේශීය සහල් වෙළෙඳ‍පොළට මුදාහැරීම සඳහා ප්‍රමාණවත් තරම් වී තොග තමන් සතුව පවතින බවද වී මෝල් හිමියන් ඇමැතිවරයා වෙත පවසා තිබේ.

පානුක රාජපක්ෂ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka