gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සම්බන්ධන් ඒකාබද්ධය පිළිගනී

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් ව්‍යාවස්ථාදායක සභාවට තමන්ගේ නියෝජිතයා ලෙස ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පත් කිරීමට හේතුව ඔහු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමක් වශයෙන් පිළිගැනීම බව විපක්ෂ නායකවරයාට සමීප ආරංචිමාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ චමල් රාජපක්ෂ මහතා පත්කිරීමට පෙර මහින්ද රාජපක්ෂ
මහතා සමග ඒ පිළිබදව සාකච්ඡා කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කළ බවයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සිටින මන්‍ත්‍රීවරුන් 70 ට ව්‍යාවස්ථාදායක සභාවේ නියෝජනයක් නොලැබුණහොත් එය එම කණ්ඩායමට අසාධාරණයක් වනු ඇතැයි සලකා බලමින් එම තීන්දුව ගෙන ඇත.

විපක්ෂ නායකවරයා නිල බලයෙන් :

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාදායක සභාවට නිල බලයෙන් විපක්ෂ නායකවරයා ලෙස තමා පත්වෙන නිසා ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයෙන් තවත් නියෝජිතයකු අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ සිටින වැදගත් කණ්ඩායමක් වන ඒකාබද්ධ විපක්ෂයෙන් ද නියෝජිතයකු සිටීම වැදගත් වන බවත් තම තීරණය ගැන සමීපතමයන් සමග අදහස් දක්වමින් ආර්. සම්බන්ධන් මහතා කියා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ද පත් කර ඇත.

අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා විසින් අනුමැතිය ලබාදෙන සිවිල් නියෝජිතයන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නිතිඥ ජාවිඩ් යුසූප් හා ආචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් පත් කර ඇත.

පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂවල නියෝජිතයා ලෙස ජනාතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා පත් කර ඇත.

ඊට අමතරව නිල වශයෙන් කථානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය වේ.

(අනිද්දා)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka