gossip lanka

DIG නාලකගේ හා නාමල්ගේ හඬපට විදෙස් රටකට !

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ හා දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ හඬපට වැඩිදුරටත්  විමර්ශනය සඳහා විදෙස් තාක්ෂණික ආයතනයක සහය ලබාගැනීමට තීරණය කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ කටහඬ
සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලින් ඒ ඔහුගේ කටහඬ බව හෙළිවී ඇතත් එම හඬ පටයේ මැකී ඇති කොටස් ප්‍රතිනිර්මාණය (retrieve) කර ගැනීම සඳහා මෙසේ විදෙස් සමාගමක සහය ගැනීමට යන බව පැවසේ.

මීට සති කිහිපයකට පෙර රසපරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් නාලක ද සිල්වාගේ 'කඩහඬ' සාම්පල් ලබාගෙන තිබිණි.

එහි වාර්තාව මේ වන විට රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ලබාදී ඇත.


gossip lanka