gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල් කුමාර ගැන, ජනාධිපති කාර්යාලයෙන් පැමිණිල්ලක්

දූෂණ විරෝධී බලකායේ නමැති සංවිධානයක මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු ලෙසට පෙනී සිටිමින් වංචනික කටයුතුවල නිරතවී ඇත්දැයි යන්න පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ නාමල් කුමාර මහතා මත්ද්‍රව්‍ය
නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ ස්වේච්ඡා සාමාජිකයෙකු ලෙසට පසුගිය වසරවලදී ස්ව කැමැත්තෙන් සහභාගී වී තිබු බවයි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතාගේ  අත්සනින් යුතුව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ නාමල් කුමාර, ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලබන අයෙකු ද නොවන බව හා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය නොකරන බවයි.

එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහන් ව්‍යාප්ත කිරීම සහ තොරතුරු ලබාගැනීමේ අරමුණින් ස්වේච්ඡා අයදුම්පත් මාර්ගයෙන් සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පවතින අතර ඒ සඳහා අවශ්‍යතාව ඇති පුද්ගලයන් 20000 කට අධික ප්‍රමාණයක් එම වැඩපිළිවෙලට සම්බන්ධ වී ඇති බවයි.

වරකාපොළ ප්‍රදේශයේ පදිංචි නාමල් කුමාර ද ස්ව කැමැත්තෙන් මත්ද්‍රව්‍ය නිවාරණය කාර්යයන් සඳහා උපකාර කිරීමට එකගතාව පළ කරමින් කෑගල්ල ප්‍රදේශයේ ස්වේච්ඡාවෙන් සේවය කර ඇති පුද්ගලයෙක් පමණක් බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා සඳහන් කරයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නාමල් කුමාර මහතා හෙළි කළ කරුණු ගැන සමාජය තුළ පුළුල් සංවාදයක් මතුව තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka