gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

17 වැනිදා විසඳුමක් - ජනපතිගෙන් සම්බන්ධන්ට පොරොන්දුවක්

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට ලබන 17 වැනිදා විසදුමක් ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකග වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්ෂනායක ආර්.සම්බන්ධන් පවසනවා.

පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාත් අධිකරණ අමාත්‍යවරියත්
සමග සාකච්ඡා කොට ලබන 17 වැනිදා මේ සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බව සඳහන් කළ බවද පෙන්වා දෙනවා.

මීට පෙර දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයට එකග වී තිබීමත් ජිනීවා මානව හිමිකම් කමිටුවේදී ඉදිරිපත් වූ නිර්දේශවල මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු අන්දම ප්‍රකාශ වීමත් ඊට රජය එකග වී තිබීමත් යන කරුණු දෙස බලන විට 17 වෙනිදා ජනාධිපතිවරයා විසින් ගන්නා තීරණය ඉතා සාධනීය තීරණයක් වියහැකි බවටද විපක්ෂනායකවරයා විශ්වාසය පළ කරනවා.

මෙම අළුත්ම තත්ත්වය විපක්ෂනායකවරයා විසින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු හරහා දැනට අනුරාධපුර හා මැගසින් යන බන්ධනාගාරවල රඳවා සිටින අදාළ සිරකරුවන් වෙත දැනුවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka