gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා 09 අතරින් වාහන බලපත්‍ර ලැබුණු එකම පළාත් සභාව මෙන්න

පළාත් සභා 09 අතරින් මේ වනවිට මන්ත‍්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත‍්‍ර ලබාදී ඇත්තේ උතුරු පළාත් සභාවට පමණක් බව වාර්තා වනවා.

එම පළාත් සභාවේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම්වරයා පැවසුවේ උතුරු පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් 38 දෙනාගෙන් 34 දෙනෙකුට පමණක් වාහන ආනයන බලපත‍්‍ර ලබාදී ඇති බවයි. අනෙක් මන්ත‍්‍රීවරුන් සිව්දෙනා අදාළ බලපත‍්‍රය ලබාගැනීමට සුදුසුකම්
සපුරා නොමැති බවයි නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම්වරයා පැවසුවේ.

උතුරු පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ට වාහන ආනයන බලපත‍්‍ර ලබාදීම සඳහා 2017 වසරේ රජය වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් 40,000ක්.

මුදල් අමාත්‍යංශය ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වාහන ආනයන බලපත‍්‍ර ලබාදීම වසරක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කළා.

රජයේ සේවකයින්ට නිකුත් කළ බලපත‍්‍ර මත වාහන ආනයනය ද මාස 06ක කාලයක් අත්හිටුවා තිබෙනවා. රජය ගත් මෙම තීරණයෙන් ද උතුරු පළාත් සභාව හැර අනෙක් පළාත් සභාවල මන්ත‍්‍රීවරුන්ට ද අසාධාරණයක් සිදුව ඇති බවයි පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් පවසන්නේ.

ඒ පිළිබඳ අදහස් දක්වන ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් සඳහන් කළේ "අපි ඉල්ලුවා..ඒත් අපිට දුන්නේ නෑ..පාර්ලිමේන්තුවේ අයටයි අපිටයි කියලා දෙගොල්ලොන්ටම නැවැත්තුවාට..පාර්ලිමේන්තුවේ අය ඒවා අරගෙන විකුණලත් ඉවරයි නේ.." යනුවෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka