gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය දෝෂය නිවැරදි කළ සිසුවාට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කැඳවීමක්

පසුගිය සැප්තැම්බර් 19 වැනි දා සවස යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වී තිබියදී එය නිවැරදි කිරීමට දුම්රිය කාර්මික ශිල්පියාට නොහැකි වූ බව ද එම දෝෂය නිවැරදි කර යථා තත්වයට පත්කිරීමට හැකි වූයේ එම දුම්රියේ ගමන් කළ සිසුවෙකුට බව ද පසුගියදා මාධ්‍යවල පළවුණා.

මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇති බවට
පැවසුනේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවායි.

මේ පිළිබඳ දැනුවත් වූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත කැඳවා ප්‍රවාහන අමාත්‍යාංශයේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේත් ගෞරවය පුදකිරීමටත් අදාල සිදුවීම පිළිබද ප්‍රශංසාව පුදකරමින් ඇගයීමේ ලිපියක් ලබාදීමටත් අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ, පරීක්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම ද දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් ද සහභාගි වුණා.

එම අවස්ථාවට එක්වෙමින් අදාළ සිසුවා සඳහන් කර ඇත්තේ,

‘‘මම මගේ මව ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු සමඟ අනුරාධපුරයේ සිට පැමිණෙන අතරමගදී මේ සිදුවීම වුණා. මම ඒ අවස්ථාවේ නිදාගෙනයි සිටියේ. මගේ මව මා අවදි කර පුතාට පුළුවන් නම් මොකද වී තිබෙන්නේ බලන්නැයි කිව්වා. ඒ වන විට වෙනත් දුම්රිය එංජිමක් මගින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා මගීන්ට ගමන් පහසුකම් සලසන බව දුම්රිය නිලධාරීන් මගීන්ට දැනුම් දෙමින් සිටියා. මම ඒ අනුව ගොස් දුම්රිය කාර්මික ශිල්පීන්ගේ අවසරයෙන් දුම්රිය පරීක්‍ෂා කරන විට එහි තිබූ දෝෂය හඳුනාගෙන නිවැරදි කළා. ඒ සම්බන්ධයෙන් දැන් ඇමතිතුමාටත් සියලූ කරුණු පැහැදිලි කර දුන්නා.

මට මේ තුළින් ප‍්‍රචාරයක් ලබාගැනීමට හෝ කිසිවෙකු අපහසුතාවට පත්කිරීමට අවශ්‍ය වුණේ  නැහැ.

මෙය මුහුණු පොතේ පළවූ බව මා දැනගත්තේත් පසුවයි. අද ඇමතිවරයා මා ගෙන්වා ඇගයීම ගැන සතුටුවෙනවා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ උපාධියේ කටයුතු අවසන් කර නව නිර්මාණ කරමින් රටට ලෝකයට සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka