gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටි සැකකරුවන් වහා නිදහස් කරන්නැයි යාපනය සරසවි සිසුන් විරෝධතා..

අනුරාධපුර බන්ධනාගාරය ඇතුලු ලංකාවේ සියලු බන්ධනාගාරයන්හි සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා (08) යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් වසින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

යාපනය විශ්වවිද්‍යාලයේ ඇතුල්වීමේ දොරටුව ඉදිරිපිටදී පැවති මෙම විරෝධතාවය විශ්වවිද්‍යාල
මහා ශිෂ්‍යසංගමය විසින් සංවිධානය කොට තිබුණී.

එහිදී විරෝධතාවයට එක් වූ සරසවි සිසු සිසුවියන් කියා සිටියේ ,

යුද්දය අවසන් වී වසර 09 කට අධික කාලයක් ගත වී ඇති අවස්ථාවක රජය විසින් දේශපාලන සිරකරුවන් වශයෙන් කිසිදු හේතුවක් නොමැතිව සිරගත කොට සිටින සියලු සිරකරුවන් හට නිදහස ලබා දීමට පියවර ගත යුතු බවටය.

එමෙන්ම මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ ඇතුලු බන්ධනාගාර කිහිපයක සිරකරුවන් ආහාර ගැනීම වර්ජනයෙන් ඔවුන්ගේ අයහපත් සෞඛ්‍ය තත්වයන් පරික්ෂා කළ යුතු බවටත් ඔවුන් ඇතුලු සියලු දේශපාලන සිරකරුවන් වෙනුවෙන් හා ඔවුන්ගේ පවුල්හි අනාගතය වෙනුවෙන් පිළිගතහැකි විසඳුමක් ලබා දෙන ලෙසට මෙම විරෝධතාවයන් පැවත්වුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka