gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසියත් හැඬවූ පියෙකුගේ සහ දියණියකගේ කතාව (photos)

බිරිඳ මියයෑමෙන් පසු පස් හැවිරිදි ආබාධිත දැරිය කරේ හොවාගෙන ගොස් රැයකට රුපියල් පන්සීයෙ කුලියට පැල් රකින අසරණ පියෙකු පිළිබඳව සංවේදී කතාවක් ලෝක ළමා දිනය යෙදුන ඔක්තෝම්බර් පළමුවැනිදා හොරොව්පොතාන පුලියන්කඩවල ප්‍රදේශයෙන් වාර්තා විය.

හොරොව්පොතාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව
මහතා ඇතුළු නිලධාරීන් (30) සවස පුලියන්කඩවල ගමට ගොස් කළ සොයා බැලීමේදී මෙම අසරණ පියා සහ දියණිය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි විය.

හොරොව්පොතාන පුලියන්කඩවල පදිංචි තිස්හත් හැවිරිදි ඩබ්ලිව්. විජේසිංහගේ බිරිඳ මිය යන්නේ මීට වසර එකහමාරකට පෙර ය. ඒ අධික රුධිර පීඩනය නිසා හිසේ නහරයක් පුපුරා යාමෙන් ඇති වූ රෝග තත්ත්වයක් නිසාවෙනි. පස් හැවිරිදි නෙත්මි කාවින්ද්‍යා එම දෙපලට සිටි එකම දරුවා වූ අතර ඇය උපන්දා සිට පූර්ණ ආබාධිතය. බිරිඳගේ හදිසි අභාවයත් සමග අසරණ වූ විජේසිංහ අසරණ දියණිය සමග තනි වී ඇති අතර එදා සිට මේ දක්වා ඔවුන් ගෙවන්නේ දුෂ්කර දිවිපෙවතකි.

ආබාධිත තත්ත්වයේ සිටින තම දියණිය තනිකර කිසිම ගමනක් යාමට නොහැකි නිසා විජේසිංහ කුලී වැඩට පවා යන්නේ දියණිය ඇකයෙ එල්ලාගෙන ය. දවස් කුලියට ලැබෙන ඕනෑම වැඩක් කරන විජේසිංහ බොහෝවිට කරන්නේ වෙනත් අයගේ හේන් කුඹුරුවල පැල් රැකීම ය. ඒ සඳහා රැයකට රුපියල් පනසියක මුදලක් ලැබෙන අතර විජේසිංහ ගස් උඩ ඇති පැල්වල රැය ගත කරන්නේ තම ආබාධිත දරුවා ද සමගිනි. ඔහු පවසන්නේ වැසිකිළියට යන විටත් සිගිති දියණිය රැගෙන යාමට තමන්ට සිදුවිය ඇති බවය.

මේ පිළිබඳ තොරතුරු දැනගත් හොරොව්පොතාන පොලිසියෙ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා පෙරේදා (30)සවස දරුවා සොයා ගෙන ගිය අතර ඒවන විටත් ප්‍රදේශයේ කුඹුරු හිමියෙකුගේ පැළක සිය පියා සමඟ සිටිනු දක්නට ලැබුණි. මෙම අවස්ථාව පොලිස් ස්ථානාධිපතිවරයත් අනෙකුත් නිලධාරීනුත් සංවේදී කළ අවස්ථාවක් විය.

දියණිය සමඟ මෙවැනි අවදානම් කටයුතු කරන්නේ මන්දැයි ස්ථානාධිපතිවරයා කළ විමසීමේදී විජේසිංහ හඬමින් පැවසුවේ මෙවැන්නකි.

" සර් මට වෙන කරන්න දෙයක් නෑ. මම අසරණ වෙලා. කන්න විදිහක් නෑ. ඒකයි මම මේ දේ කරන්නේ. මම මගේ දරුවට ගොඩක් ආදරෙයි. දරුවාගේ වැඩක්වත් කරගන්න සල්ලි නෑ. දරුවව දාලා කොහෙවත් යන්න බෑ. ඒකයි පැල් උඩ ලගින්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න."

මෙම පියාට කෙසේ හෝ පිළිසරණක් වීමට පොලිසිය කටයුතු කරන බව එහිදී ඔහුට දැන්වූ අතර එම පියාට සහ දියණියට පිහිටවීමට කැමති අයෙක් වේ නම් ඊට දායක විය හැකිය.

වැඩි විස්තර සදහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිතුමා අමතන්න 0252268426

සටහන සහ ඡායා - සුනෙත් ගාල්ලගේ -ගාල්ල

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka