පිදුරංගල තරුණයෝ යළි රිමාන්ඩ්

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා එළඹෙන 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද(03) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්
කරීමෙන් අනතුරුව මෙම නියෝග ලබාදී ඇත.