gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"රුපියල තවදුරටත් කොපමණ ප්‍රමාණයකින් අවප්‍රමාණ වන්නේදැයි කියන්න බැහැ" - මහ බැංකු අධිපති

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් කොපමණ ප්‍රමාණයකින් අවප්‍රමාණ වන්නේදැයි ප්‍රකාශ කළ නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා රජය මෙතෙක් ගත් පියවර ප්‍රමාණවත් බවත් මහබැංකුවේ නවතම මූල්‍ය විවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහබැංකු පරිශ්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අතර අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ගෙවනු ලබන පොලී අනුපාත අඩුවිය හැකි බවට
නවතම විගණන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් රජයේ විගණකාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

එම විගණන වාර්තාවට රජයේ විගණකාධිපතිවරයා පදනම් කරගෙන ඇත්තේ එම අරමුදලේ 2016 වර්ෂයේ වාර්ෂික වාර්තාවය.

සේවක අර්ථසාධක අරමුදලට අනුයුක්ත කර සිටින ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ සේවා නියුක්ති ආදායම මතවූ උපයන විට බදු ගෙවා ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලෙන් බව එමඟින් දක්වා ඇත.

ඒ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මහබැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්ණ කළේය.

එහිදී ඔහු කියා සිටියේ ඊට අදාළව මේ වනවිට කටයුතු කරමින් සිටින බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka