gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පතිගේ විහිළු වැඩියි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලින් පසුව ඔහු පිළිබඳව එක්සත් ජාතික පක්ෂ තීන්දුව ප්‍රකාශකරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා
මේ බව පැවැසීය.

‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් හා  පරීක්ෂණවලින් පසු ඔහු පිළිබඳ පූර්ණ නිගමනවලට එන්න බලා‍පොරොත්තු වන බවද ඒ මහතා පැවැසීය.

කෙසේ නමුත් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිබඳ සාධරණ විසඳුමක් ලබෙතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවැසීය. ‍පොලිස්පතිවරයා විහිළු තහළු කිරීම හේතුවෙන් මේ ප්‍රශ්න මතු වී ඇතත් එතුමා මත්ද්‍රව්‍ය පිළිබඳව ඇති වූ ප්‍රශ්න ඉතාමත් සාර්ථකව විසඳා ඇති අවස්ථා ද තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

ප්‍රසාදිකා ජයවර්ධන



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka