gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ ලේකම්ගේ නම විකුණයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාගේ නම විකුණන වංචනිකයාගෙන් ප‍්‍රවේසම් වන්න.

මාගේ නමට සමාන නමක් ඇති පුද්ගලයෙකු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය
ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් අයථා කටයුතුවල නිරතවන බව මා වෙත වාර්තා වී තිබේ. මෙම පුද්ගලයා මාගේ සහ හිටපු ජනාධිපතිතුමාගේ නම භාවිතා කරමින් කප්පම් ඉල්ලීම, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරීම හා විවිධ ගණුදෙනු ඇතුළුව නීතිවිරෝධී හා අයථා කටයුතුවල නියැලෙන බව දැනගන්නට ඇත.

ආසන්නතම සිද්ධිය ලෙස අනුරාධපුර ප‍්‍රදේශයේ හිමිනමකගෙන් හිටපු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යැයි පවසා කප්පම් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇත. එම සිද්ධිය සම්බන්ධව මා විසින් හෝමාගම පොලිසියේ අංක  la‍IB •2* 359/q98 අංකය යටතේ පැමිණිල්ලක් කර එය විභාග වෙමින් පවතී.

යම්කිසිවෙකුට තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට යැයි පවසා දුරකථන ඇමතුම් ලබාදුනහොත් හෝ හදුන්වාදුන හොත් මාගේ හෝ මාගේ නීතීඥ නිලන්ත විජේසිංහ මහතාගේ 0771500500 දුරකථන අංකයට කතා කොට එම වංචනකියා හදුනා ගැනීමට සහයෝගය දක්වන මෙන් සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිමි.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka