gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික මැතිවරණයකට JO සහාය

ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් ජාතික මැතිවරණයට යා යුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ සදහා අවශ්‍ය ඒකාබද්ධ විපක්ෂය ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව පැවසුවේ 'දකුණේ විග්‍රහය' මැයෙන් රටේ පවතින
තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පෙරේදා (14දා) තංගල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ජීවන වියදම එන්න එන්නම වැඩි වෙනවා. තෙල් මිල වැඩි වෙනවා. ආණ්ඩුවේ මේවාට ක්‍රමවේදයක් නැහැ. සැලැස්මක් නැහැ. රුපියල කඩාගෙන වැටෙනවා, මේ ආණ්ඩුවට තව දුරටත් දුවන්න බැරි තත්ත්වයකට පත්වෙලා. අපි මේ ආණ්ඩුවට කියන්නෙ කරුණාකරලා ජාතික මැතිවරණයකට යන්න. ඒකාබද්ධ විපක්‍ෂයේ අය විදියට ජාතික මැතිවරණයකට යන්න අවශ්‍ය සහයෝගය අපි දෙන්න කැමැතියි.”

හම්බන්තොට - රෝහණ ආරියරත්න

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka