gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විවිධ මත මැද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (16) පැවත්වෙනවා.

එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදීයි.

පවතින දේශපාලන තත්ත්වය සහ පක්ෂය සම්බන්ධයෙන් මතුව ඇති යම් ගැටලූ අද
පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කරන බවයි එහි මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස නෙත් නිවුස් වෙත කියා සිටියේ. ඉදිරි මැතිවරණ කටයුතු, වර්තමාන දේශපාලන ගැටලු මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවද සඳහන් කෙරුණා.

අද පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී භාරකාර ආණ්ඩු යෝජනාව පිළිබද සාකච්ඡා කරනවාද නැද්ද යන්න නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.

එහිදී සඳහන් කෙරුණේ භාරකාර ආණ්ඩු යෝජනාව පිළිබඳ කරුණක් අද දවසේ න්‍යාය පත්‍රයේ නොමැති බවයි. කෙසේවෙතත් වර්තමාන දේශපාලන තත්ත්වය යටතේ එවැනි කාරණා පිළිබඳව සාකච්ඡා කළ හැකි බවද පෙන්වා දුන්නා.

මේ අතර ශී‍්‍ර  ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඉල්ලා ශී‍්‍ර  ලංකා නිදහස් පක්ෂයේ 15වේ කණ්ඩායම ඉකුත්දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකළා.  ඒ, වත්මන් ආණ්ඩුවට දැඩි ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතින බැවින් තවදුරටත් ජාතික ආණ්ඩුව සමග කටයුතු කිරීම සුදුසු නොවන බව සදහන් කරමින්.

අද පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එය අනුමත කර වහාම ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස 15වේ කණ්ඩායම යොමු කළ එම ලිපියේ දැක්වුණා.

එම ලිපිය අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කරන්නැයිද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ 15වේ කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් එහිදී වැඩිදුරටත් ඉල්ලා තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka