gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුවන් පාසල් නොයැවූවොත් දෙමාපියන්ට නඩු!

පළමු වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරිමට සහ දරුවන් පාසල් වෙත යොමු නොකරන දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී රජය කටයුතු කරන බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.

රටක් ලෙස ශ්‍රි ලංකාව අවුරුදු 70කින් පමණ
ආපස්සට ගමන් කර ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

තම පක්ෂය රට පාලනය කරන සමයේ දී රට සංවර්ධනය කරන බවත් වෙනත් ආණ්ඩුවක් බලයට පත් වු විට එය නැවතත් විනාශ කරන බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

වර්තමානයේ රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව වැඩ කිරිමට හැකියාවක් පවතින බව පැවසූ ඇය වැඩිදුරටත් පවසා සිටියේ එයට බලපෑම් එල්ල කිරිමක් කිසි විටකත් සිදු නොවන බවයි.

ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන් මිලියන 19 ක් වියදම් කරමින් ඉදි කළ ඇඹිලිපිටිය ගල් අමුණ ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka