gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිළිකා අවධානමක් : ජංගම දුරකථන නිදි යහනේ තබා ගන්න එපා !

නිදන කාමර තුල ජංගම දුරකථන භාවිතා කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමර තුල ජංගම දුරකථන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවධානමකට හේතුවක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.  වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ.

රාත්‍රී කාලයේ නිදන කාමර තුළදී තමන් අසළ ජංගම  දුරකථන තබා ගැනීම මොළයට මෙන්ම ස්නායු පද්ධතියට හානි ඇති විය හැකි බැවින් රාත්‍රී නින්දට
පෙර ඒවා ක්‍රියාවිරහිත කර හෝ ඉවත් කර තබන ලෙස එම නිවේදනය මගින් ජනතාවට දැනුම් දෙයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහතා 'හිරු නිව්ස්' වෙත කියා සිටියේ විද්‍යුත් චුම්බක තරංගවලට ඒවා නිරන්තරයෙන් නිරාවරණයවීම තුළින් පිළිකා ඇතිවීමේ අවදානමක් ද පැවතිය හැකි බවයි.

එසේම ජංගම දුරකථන කනට ලං කර භාවිත කරනවාට වඩා ‘‘හැන්ඩ්ස් - ෆ්‍රී ’’ හෙවත් ශ්‍රවණ උපකරණ යොදා භාවිත කිරීම වඩාත් සුදුසු බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිවේදනය

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka