gossip lanka

ලංකා හා මහජ බැංකු කොටස් අලෙවියට කැබිනට් අනුමැතිය !

මෙරට ප්‍රධාන රාජ්‍ය වාණිජ බැංකු දෙක ලෙස සැලැකෙන ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කොටස්වලින් 20% කොටස් වෙළෙඳපොළේ අලෙවිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
අදාළ බැංකු දෙකේ ප්‍රාග්ධනය වැඩිකිරීමේ අරමුණින් කොටස් අලෙවිය සිදුකෙරෙන බවත් බැංකුවේ සේවක සේවිකාවන්ටද මෙහිදී කිසියම් කොටස් ප්‍රතිශතයක් ලබාදීමට යෝජිත බවත් පැවසේ.

බැංකු සේවක සේවිකාවන්ට හිමිවන කොටස් සඳහා
ඔවුන්ගෙන් මුදල් අය නොකරන නමුත් ඒවා කිසිම හේතුවක් මත අලෙවි කිරීම තහනම් කර තිබේ.

පසුගිය කාලය පුරාම දැඩි ආන්දෝලනයකට ලක්වූ රාජ්‍ය බැංකු කොටස් අලෙවියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත්තේ පසුගිය මස 09දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.

මූලාශ්‍රය - දේශය

gossip lanka