gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රීන් කළු පටි දමා යතුරුපැදි තල්ලු කරයි

කිසිවෙක් නොදන්නා තෙල් මිල සූත්‍රය වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලා අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙක් අද (16) පෙරවරුවේ අම්බලන්තොට නගරය මධ්‍යයේ නිහඩ විරෝධතාවයක නිරතවිය.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මහා සභා සැසිවාරය පැවැත්වීමට නියමිත අද දිනයේදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රීලංකා පොදුජන
පෙරමුණේ මන්ත්‍රීවරුන් දිනෙන් දින ඉහල යන ජීවන වියදම ,ජනතාව මත පැටවා ඇති බදුබර හා දවසින් දවස තෙල් මිල ඉහල යවන තෙල් මිල සූත්‍රය හකුලාගන්නා ලෙස ඉල්ලා ඊට විරෝධය දක්වමින් කළුපටි පැළද මෙලෙස නිහඩ විරෝධතාවයක නියැළුණි.

පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතවූ මන්ත්‍රීවරුන් අනතුරුව මහා සභා සැසිවාරය සඳහා තම යතුරුපැදි තල්ලු කරගෙන ගොස් සභා සැසිවාරයට සහභාගී වීමට කටයුතු කළහ.

සටහන සහ ඡායා- අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka