gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රිය අනතුරින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

පුත්තලම සිට අනුරාධපුරය දෙසට ගුවන් හමුදා නිලධාරියෙකු ඇතුළු තවත් නිලධාරින් පිරිසක් ගමන් කරමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් ඊයේ (15) සවස සාලියවැව 17 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් එක් සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සෙබළුන් පස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව සාලියවැව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස රිය අනතුරට ලක්ව ඇත්තේ කටුනායක
ගුවන් හමුදා කඳවුරේ සිට අනුරාධපුරය දෙසට ගමන් කරමින් තිබූ ජීප් රථයක් බවත්, එය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට අයත් එකක් බවත් පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන ගුවන් හමුදා සෙබළ එස්.එල්.බී.නුවන් ප්‍රදීප් රණසිංහ (අවු:28) නම් අයෙකි. ඔහු අධික වේගයෙන් ජීප්රථය ධාවනය කර ඇති අතර, එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පරික්ෂණ පවත්වන සාලියවැව රථවාහන පොලිසිය සදහන් කරයි.

අධික වේගයෙන් ගමන් කර ඇති ජීප් රථය ඉදිරියෙන් ගිය යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කරන විට එක් වරම වට කීපයක් පෙරළී ගොස් නැවතී ඇත.

අනතුරට පත් සෙබළා කුඹුක්ගහවැව, තලාව ප්‍රදේශයේ පදිංචි අයෙකි. අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් සෙබළුන් රෝහල් ගත කර ඇත. ඒ අනුව එක් අයෙකු කොළඹ ජාතික රෝහලේ සහ තවත් දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලේ තවත් එක් අයෙකු අනුරපුර ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාශ භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.එල්.චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත සාලියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පිරිස පරික්ෂණ ආරම්භ කර තිබුණි.

සටහන - ප්‍රියංකර කළුපහන / ජූඩ් සමන්ත - පුත්තලම
ඡායා - ජූඩ් සමන්ත


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka